එතරම් ඉඩකඩක් නැතිවුවත් වගා කරන්න ඔබත් ආසයිද? ඔබට අඩුම ඉඩක්, කාලයක්, වියදමක් සහ වෙහෙසක් වැය කරලා කරන්න පුළුවන් වගාවන් විදියට සිරස් අතට කෙරෙන ගෙවතු වගාවේ ඉඳලා නොයෙකුත් හැඩයේ බඳුන් වල කළ හැකි වගාවත්, ක්ෂුද්‍ර-වගාවත් හඳුන්වා දිය හැකියි.
පහත සඳහන් කරලා තියෙන හෝඩුවාවල් වලින් යම්කිසි අදහසක් ඔබටත් ගන්න පුළුවන්ද කියලා බලන්න.
සිරස් අතට වගා කිරීම - Vertical Gardening
මේක තමයි කුඩා ඉඩක කෙරෙන වගාවක් සඳහා තියෙන නවීනතම සංකල්පය. තියෙන සෑම බිම් අඟලකම ප්‍රයෝජනයට ගතයුතු උනාම ගෙවත්තක් වගා කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි බිත්තියක් දිගේ තට්ටු වශයෙන් උඩට වගා කරන එක. ඉඩකඩ ඉතුරු කරගන්න පුළුවන් වගේම ඒකෙන් ලස්සනකුත් ලැබෙනවා. ඒ වගේම මේ වගේ සිරස් ගෙවත්තක් හදාගන්න පුළුවන් අවශ්‍ය තරම් හිරු එළිය වැටෙන ඕනෑම ස්ථානයක. ඇතුලත බිත්ති, පිටත බිත්ති, ජනේල වගේම, වත්ත වෙන් කරන වැට පවා මේ සඳහා යොදාගන්න පුළුවන්.
මෙහෙම එකක් හදාගන්න අදහසක් ගන්න පුළුවන් මෙතැනින්.
එල්ලිය හැකි සාක්කුවල වගා කිරීම - Hanging Pocket Planters
සිරස් අතට කෙරෙන වගාවක් ආරම්භ කරන්න පහසුම විදියක් මේ. E-Bay එකෙන් නොයෙකුත් ආකාරයේ සාක්කු මිළදී ගන්න පුළුවන්. මිළ ගණන සාක්කු ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. මං මේ ලියන වෙලාව වෙනකොට ඩොලර් 15 ඉඳලා 20 අතර ගණනකට සාක්කු 18, 24 වගේ ප්‍රමාණයේ ඒවා ලබාගන්න පුළුවන්. සමහර අය සපත්තු දාන්න තියෙන මේ වගේ පරණ සාක්කු පවා මේ සඳහා යොදා ගන්නවා. මේවත් පිටත වගේම නිවෙස් තුලත් පාවිච්චි කරන්න පුළුවන්. මේවායින් වැඩි හරියක් හදලා තියෙන්නෙ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් හින්දා වතුර බහින්න සිදුරු අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ වගේම කාන්දුවීම් සිදුවෙන්නෙත් නැහැ. ඒ වගේම ඕනෑම ස්ථානයක පාවිච්චි කරන්න පුළුවන් හින්දා ආහාරයට ගන්න පුළුවන් පැලෑටි වර්ග වගේම මල් වර්ග වවන්නත් යොදාගන්න පුළුවන්.
සිරස් අතට කෙරෙන පැලට් වගාව - Vertical Pallet Gardens
කඩවල් වලින් අහක දාන පැලට්ස් සොයාගන්න පුළුවන් නම් මේක හදාගන්න ඒ හැටි වියදමක් යන්නෙ නැහැ. මේ වගාවෙදි තියෙන විශේෂයෙන්ම සැලකිය යුතු දේ තමයි පැලට් එක දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදියට හදලා HT කියලා ගහපු නැති එකක් නම්, ලීයට මොනවා හරි රසායන ද්‍රව්‍ය එකතු කරලා තියෙන්න පුළුවන්. එහෙම නම් ඒ වගේ ඒවායෙ ආහාරයට ගන්න පැල වර්ග වවන්නෙ නැතුව මල් පැල වගේ ඒවා ඉන්දන්න පාවිච්චි කළ යුතු වෙනවා.
පින්තූර රාමු වලින් කෙරෙන ගෙවතු වගාව - Picture Frame Planters
මේවයෙ වගා කරන්න පුළුවන් ඒ හැටි ගැඹුරට මුල් අදින්නෙ නැති සලාද කොළ වර්ග, ස්ට්‍රෝබෙරි, සක්‍යුලන්ට් වර්ග එහෙම. පැල ඉන්දුවාට පස්සෙ එල්ලන්න කලින් ඒවායෙ මුල් ඇදගන්නකම් ඉන්න වෙනවා. මේ ක්‍රමය හැමතිස්සෙම නිවසින් පිටත පාවිච්චි කළයුතු වෙන්නෙ බිත්තිත්, ගෘහ භාණ්ඩත් තෙතමනයෙන් හානිවීම වලක්වා ගන්නටයි.
වීඩියෝ එක මෙතන.
මේ වගේ සිරස් අතට වගාවන් කරන ක්‍රම බොහොමයක් තියෙනවා.
පාවිච්චි කොට ඉවත දමන බෝතල් භාවිතය
රාක්කවල වැවීම
බිත්තිවලට සවි කරපු භාජනවල වගාව
මෙවැනි තවත් ක්‍රම රාශියක් ඇත. ගෙවතු වගාවට කැමැත්තක් දක්වන ඔබට මෙය අදහසක් ලබාදීමට ගත් උත්සාහයකි.
තොරතුරු: Life Adventures
No comments:
Post a Comment